සිහනෙත් පිළිබඳව

මෙම සංකල්පය සමග බැඳි ව්‍යාපෘතිය ආරම්භ වන්නේ මීට වසර පහළොවකට ඵහා වැනි දීර්ඝ කාලයකට ඔබ්බේ සිටයි .වෙනත් රටවල සහ මෙරට මාධ්‍ය දෝලනය වන අයුරු මනාව නිරීක්‍ෂණය කොට ,අධ්‍යයනය කොට සකස් කරන ලද සංකීර්ණ ව්‍යාපෘතියකී.දෙස් විදෙස් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ න්‍යායික සහ ප්‍රායෝගික මාධ්‍ය පළපුරුද්දෙන් මුවහත්වූවකී මේ වනවිට ලංකාවේ සිට ක්‍රියාත්මක වන්නාවූ ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාවෙන් පමණක්ම අන්තර්ජාල අවකාශය ඔස්සේ සහ දේශීය සංඛ‍යාත (Terrestrial broadcasting )  ඔස්සේ සම්ප්‍රේෂණාගාර තුළින් මෙන්ම කේබල් සහ චන්ඳ්‍රිකා ඔස්සේ විසුරුවා හරින සේවාවන් ඉතා විශාලය.

සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් පමණක්ම ලංකාවේ සිට විසුරුවා හරින ගුවන්විදුලි නාලිකාවන් සංඛ‍යාව 20 අධිකය.වෙබ් අඩවි සහ සෙසු රූපවාහිනී නාලිකාවන්ද ඵසේමය.මේවා තුළින් විකාශණය කරවන්නේ ගීත ,සංගීත පමණක් නොවේ .ඒවා තුළින් යම් මතවාද සහ ඔවුන්ගේ පටු ජාතිවාදී ආකල්ප මෙන්ම ආගම්වාදීවූ මත ලොවපුරා විසුරුවා හරිනු ලබයි .මේවා නියාමනය කිරීමට හෝ අධීක්‍ෂණය කිරීමට ඵතෙක් මෙතෙක් පැවති සහ පවතින කිසිදු රජයක් ක්‍රියා කොට නොමැත.මාධ්‍ය නිදහස යන රාමුවට මැදිවී ඔවුන් සිතැඟි පරිදි සිය අදහස් ,මතවාදයන් පතුරවාලමින් සිටී.

අපට ඇති ජාතික මට්ටමේ මාධ්‍ය ආයතනයන් ගතහොත් ඔවුන්ද සිය සේවාවන් තුළට ද්‍රවිඩ භාෂාව ඇතුළත් කොට ඇත.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියළුම සිංහල විකාශණයන් යුරෝපීය වේලාවන් තුළ අන්තර්ජාලයේ අක්‍රීයව පවතින්නේ බොහෝ කාලයක සිටයි.. නමුත් ඵහි සියළුම ද්‍රවිඩ සේවාවන් අඛණ්ඩව ඉතා පැහැදිලි ශ්‍රවණ තත්වයන් මත විසි හතර පැය පුරාම ක්‍රියාත්මකවේ.

ඵමෙන්ම සෙසු වාණිජ පෞද්ගලික මාධ්‍ය නාලිකාවන්ද සිය ගුවන් කාලය පිරවීමට ද්‍රවිඩ ගීත ,හින්දි ගීත සහ චිත්‍රපට යොදා ගනියි.ඉතා ග්‍රාම්‍ය මට්ටමේ පවතින ඇතැම් බොහෝ ඒ සිනමා පට සහ ටෙලි නාට්‍ය තුළින් පෙන්වන්නේ අතිශය ප්‍රචණ්ඩත්වය ,දාමරික ක්‍රියා සහ ලද බොළඳ ප්‍රේම ජවනිකායි.කොටින්ම කිවහොත් ඉන් කිසිදු ගුණාත්මක මානුෂීය සදාචාරාත්මක දෙයක් සමාජයට ප්‍රේෂණය කරවන්නේ නැත.එසේම අප දන්නා තරමට කිසිදු ද්‍රවිඩ සේවාවකින් සිංහල ගීතයක් හෝ සිංහල බසින් යුතු කිසිවක් විකාශය කර හෝ කරවන්නේද නැත.නමුත් ඔවුනට කිසිවෙකු “ජාතිවාදී “ලේබලය අලවන්නේද නැත.ඒ තරමටම පසුගිය දේශපාලන වාතාවරණයන් ඔස්සේ අනුක්‍රමිකව ඔවුන් ස්වකීය වපසරිය දිනෙන් දින ව්‍යාප්ත කරමින් සිටී.

අද සිංහල භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක වන සුළුතරයක්වූ මාධ්‍ය අවකාශයන්ද ඉතා පටු පරමාර්ථ උදෙසා ක්‍රියාත්මක වේ.ඵනම් ඒවායෙහි ගුවන් කාලය වෙන්වන්නේ බණ දෙසුම්,පිරිත් හෝ වෙනත් ආගමික පරමාර්ථ උදෙසා පමෙණකී . සෙසු ඒවාහිද කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමික මතවාද ප්‍රචාරණයෙහි පමණක් යෙදී සිටියි.නැතහොත් දේශපාලනඅරමුණු පමණක් සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් ආරම්භ කොට ඇති මාධ්‍ය සේවාවන් තුළ ඵකී මාධ්‍ය හිමි කරුවන්ගේ අණට නැටවෙන සහ එම මාධ්‍ය හිමිකරුවන්ගේ දේශපාලන අදහස් ජනතාවට පැටවීමට යත්න දරණ මාධ්‍ය වහළුන් වැටුපට බඳවාගෙන සිය සමාජ විරෝධී කටයුතු එමගින් මුවා කරගෙන සිටී.

ලංකාවේ තිබෙන සිංහල විද්‍යුත් සේවාවන්හී නිවේදක නිවේදිකාවන් සහ ඊට පිටිපසින් සිටින නිෂ්පාදකයන් මෙන්ම නූතන ඇතැම් නිර්මාණකරුවන් සිංහල භාෂාව හසුරුවන්නේ ඉතාම අශ්ලීල ,කැත සහ අපහාසාත්මක ලෙසිනී.සිංග්ලිෂ් ලෙසින් ඉංග්‍රීසි භාෂාවද සිංහලද කළවම් කරමින් පැහැදිලි ලෙසින්ම සිංහල භාෂාව විනාශ කරමින් සිටී.උදාහරණයක් ලෙසින් ඔවුන්ගේ වැඩසටහන් සඳහා යොදා ඇති නම් දෙස අවධානයෙන් බලන්න.

මේ අනුව වසර දහස් ගණනාවක පෞඩ අතීතයක් ඇති සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් සාහිත්‍යයක් ඇති සිංහල භාෂාව මෙවුන් උවමනාවෙන් හෝ නොදන්නාකමින් භක්‍ෂණය කරමින් සිටී.විදේශ රටවල ඉල්ලුමට නිපදවා ඇති ඒ ආකෘතිමයන් ඒ ආකාරයෙන්ම කොපි කරමින් ලංකාවේ හුදෙක් වාණිජ පරමාර්ථ උදෙසා බලෙන් ප්‍රසිද්ධ කරවා ඇති රියැලිටි වැඩසටහන් ( Reality Shows ) මගින් පවුලේ තිබූ පවුල් සම්බන්ධතාවයන්  සහ වැඩිහිටියනට ගරු කිරීම් මෙන්ම සමාජ සම්බන්ධතාවයන්ද බිඳවට්ටමින් ඇත.ඇතැම් වැඩසටහනක ඇත්තේ මව්වරුන් සිය කුඩා දරුවන් සමග සරාගී නර්තනයන්හී යෙදීම ,ගැමි තරුණියන් හට බටහිර පන්නයේ නාන ඇඳුම් අන්දවා කරන රූප රාජනී තරඟ ,පැරණි ගීත භක්‍ෂණය කරමින් ඒවා හට විකාර රූපී ශෛලයන් ඵක් කොට කරමින් ඒවා හට විකාර රූපී ශෛලයන් ඵක් කොට පවත්වන සුපර් ස්ටාර් තරඟ ,මේවා සඳහා විනිශ්චය මඬුල්ල සඳහාද යොදාගෙන ඇත්තේ සිංහල භාෂාව පවා කථා කිරීමට නොහැකිසේ පෙන්වන අම්බරුවන් ය .තවත් තැනක කුඩා දැරවියන් ලවා පැරණි ගීත සරාගී ලෙසින් අභිනයනයෙන් දක්වමින් කරන්නාවූ විකාර ය.මෙරට සංස්කෘතික අමාත‍්‍යාංශයක් ඇත බලධාරීන් ඇත.ඒත් උන් මර නින්දේය .මේවා මේ වනවිට බලෙන් සමාජ ගත කරවා හමාරය .මෙහි පළ විපාක දැන් අප විඳිමින් සිටිමු.

රටේ මුලින්ම ආරම්භවූ රූපවාහිනිය සතුව තිබූ දශක ගණනාවක් පුරා එක් රැස් කොට තිබූ මිළ කල නොහැකි මහා වීඩියෝ පට තිස්දහසක් මේ වනවිට විනාශ කොට දමා ,විනාශ වීමට දමා අවසන්‍ ය.ඵම පටවල ගබඩා කොට සංරක්‍ෂණයවී තිබූ දශක ගණනාවක සිටි කලා කරුවන්,විද්වතුන් ,ගේ ජීවරූප සහ නිර්මාණ යළි කිසි දිනෙක නැවත අප ජාතියට රටට නොලැබෙනු ඇත.

ඵවකට තිබූ සිංහල සුභාවිත ගීත වෙනුවට අද ඇත්තේ රැප් හෝ අඳෝනාය .අද බිහිව ඇති තරුණ පරපුරේ විලාසිතා සහ රැවුල් කොණ්ඩා මෝස්තරද ඵසේය.අනුකරණවාදීය .

මේ සියල්ලේ විපර්‍ර්‍යාස සමගින් අපේ රටින් විතැන්ව සිටින සමස්ත සිංහල ජන ප්‍රජාව දේශපාලන ,ආගමික මෙන්ම බහුවිධවූ බෙදීම් තුළින් දුරස්ව සිටිති.ඔවුන්ගේ දුවා දරුවන් හට පවා නිවැරදි සිංහළ භාෂාව ඉගෙනුමට ක්‍රමවත්වූ ,විධිමත්වූ වැඩපිළිවෙලක් නොමැත.

වෙනත් ජාතීන් සඳහා ඔවුන් ඵවැනි සමාජ සංවිධාන අරඹා ඇත.එනමුත් අපට අපේකම, භාෂාව සුරැකීමට ඵවන් වූ සංවිධානයක් හෝ මාධ්‍ය අවකාශයක් නොතිබන නිසා මෙම ” සිහනෙත් “ආරම්භය සිදුවේ.අපගේ වෑයම හැකි අයුරින් නැවත අපගේ සිංහල ප්‍රජාව ඵක් කිරීම සඳහා මාධ්‍ය පාළමක් ගොඩනැගීමයි.

“සිහනෙත් ” තුළින් සිංහල මාධ්‍ය සංරක්‍ෂණාගාරයක් ඇති කිරීම තවත් අපගේ අපේක්‍ෂාවකී.අප සමාජයේ ජීවත්වන සෑම අයෙකුගේම ජීව දත්ත ,නිර්මාණයන් අනාගත පරපුර උදෙසා සුරැකීම එමගින් සිදු කෙරේ.කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ ආගමික බෙදීමක් නොමැත.සිහනෙත් සිංහල ප්‍රජාව සඳහා පමණී.මේ නිසා අප භාෂාව, අපේ කම ,අපේ සදාචාරාත්මක වටිනා කම් ක්‍රමයෙන් මියැදෙමින් යන මේ යුගයේ ඔබ ලංකාවේ හෝ වෙනත් රටක වෙසෙන්නෙක් නම් අප හා සම්බන්ධවීමට හැකියි.ඒ සඳහා පහත කෙටි පත්‍රිකාව පුරවා ඵවන්න.

සිහනෙත්  සටහන

CAPTCHA image

This helps us prevent spam, thank you.